Saturday, October 1, 2011

“Torrent” සහ මම

  මමත් ඉන්ටර්නෙට් බාවිතා කලාට ගොඩක් දෙවල් දැනන් හිටියෙ නැහැ..ෆිල්ම් බාන්න එහෙම ගොඩක් දුක් වින්දා..මොකක් හරි ෆිල්ම් එකක් බාන්න ගියාම එපා වෙනව. බාන අතරෙ ව්දුලිය ඇන හිටිපු වෙලාවල..විදුලිබල ඇමති තුමා ඇතුලු කට්ටියගෙ නහය දන්න ඇති හොදට...එහෙම ඉන්න අතරෙ මම තැනක දැක්ක torrent ගැන…ගොඩක් අයට මේක අවුලක්නෙ..මම හිතුව දන්න විදියට ටොරන්ට් ගැන කියල දෙන්න..
     ටොරන්ට් වලින් ෆිල්ම්, සොෆ්ට්වෙයාර් වගෙ ලොකු ගොනු බොහොම පහසුවෙන් බාන්න පුලුවන්…වටිනාම දෙ තමයි බාගත කරන අතරෙ අපිට එක නතර කරන්න පුලුවන් විම සහ නතර කල තැනින් පසුව නැවත පටන් ගත හැකි විම.ඔයා අද නතර කලොත් බාන එක අයෙත් කවදාක හරි එතැන් සිට බාන්න පටන් ගන්න පුලුවන්…
ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක
     මුලින්ම මෙ සදහා අපිට ඔනෙ කරනව ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකක්. යු ටොරන්ට්, බිට් ටොරන්ට් වගෙ නම් වලින් මෙ සොෆ්ට් වෙයාර් තියෙනව..මම බාවිතා කරන්නෙ බිට් ටොරන්ට් එනිස මම එක ගැන කියල දෙන්නම්.”මෙතනින් “ එය බාගන්න පුලුවන්..ඉන් පසු අපි මෙය අපගෙ පරිගනකයෙ පිහිටුවා ගත යුතුයි..
ටොරන්ට් සර්ච් එන්ජින්
ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක අපි පිහිටුවා ගැනිමෙන් පසු අපිට ටොරන්ට්  බාගත කිරිම සදහා ටොරන්ට් ගොනුවක් සොයාගැනිම කල යුතු වෙනවා එ සදහා අපිට ටොරන්ට් සදහාම වෙන්වුනු සර්ච් එන්ජිමක සහය ලබා ගැනිමට සිදුවෙනව..thepiratebay.org, isohunt.com, torrentpond.com වගෙ එකකින් අපිට වුවමනා ටොරන්ට් ගොනුව සොයාගෙන එහි magnet link එක ක්ලික් කරල ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් කරල  save කර ගන්න වෙනව..මෙය කිලොබයිට් කිපයක කුඩා ෆයිල් එකකි.       .torrent ලෙස අවසානයක්( extention) ඇති ෆයිල් එකකි.
ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිම
මෙලෙස බාගත කල ටොරන්ට් ෆයිල් එක මගින් අපට වෙනත් ඔනෙම පරිගනකයක් බාවිතා කරල ටොරන්ට් ගොනුව ඩවුන්ලොඩ් කර ගත හැකිය.නමුත් එම පරිගනකයට ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් හා අන්තර්ජාල සබදතාවක් තිබ්ය යුතුයි. දැන් ඩවුන්ලොඩ් විම පටන් ගැනිම සදහා බාගත කල ෆයිල් එක මත ඩබල් ක්ලික් කල යුතුයි.. එවිට ගොනුව සෙව් කිරිම සදහා තැනක් තේරිමෙන් අනතුරුව ඩවුන්ලොඩ් විම ඇරබිම කල හැක..
දැන් ඩවුන්ලොඩ් වු ගොනුව බැලිම සදහා ඔබ තේරු FOLDER එකට ගොස් බලන්න.එය ඩවුන්ලොඩ් වි අවසන් වු පසු ඔබට එය OPEN කර බැලිය හැක.. 
මම මෙ කියල තියෙන්නෙ මුලික කරුනු කීපයක් විතරයි.. මතක තියා ගන්න torrent ගොනුවක් ඔයා ඩවුන්ලොඩ් කරන  විට ඔයාගෙ IP ලිපිනය ලෝකයට විවර වෙනව...සම්මතයක් විදියට torrent යනු තහනම් දෙයකි. 
සැලකිය යුතුයි :- ඔබ ඩවුන්ලොඩ් කල ගොනුව විවර කිරිමට මුලින් එය scan     කර බැලිම හොදය…
මෙ ලිපිය ඔයාට වැදගත් උනා නම් කොමෙන්ට් එකක් දාල යන්න..කැමති නම් follow කරන්න එක මට තවත් දෙයක් කරන්න උනන්දුවක් වෙවි…

0 comments :