Sunday, December 30, 2012

……….ගුරුතුමගෙ බර……..

how_to_stop
බ්ලොග් එකක් කරනව කියලපටන් ගත්තට ඉතින් මොනව ලියන්නද කියල කල්පනා කර කර ඉන්නව...එහෙම ඉන්නකොට තමා මට මෙහෙම හිතුනෙ…මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක්.. ජිවිතයෙ ප්‍රශ්න වලින් මිරිකිලා අන්තිමට කර ගන්න දෙයක් නැතුව සිය දිවි හානි කරගන්න අය ඉන්න ලෝකෙකනෙ අපි ඉන්නෙ…. ප්‍රශ්න ගොඩක පැටලිලා හිතෙ කරදරෙන් ඉන්න අයට ඉගෙන ගන්න දෙයක් තියෙන පුංචි කතාවක් කියන්නයි හදන්නෙ..
ඔන්න ඉස්සර අපි හිට්යා වගෙම හොද කියනදෙ අහන ළමයි ඉන්න උසස් පෙල පන්තියක් තිබුන….
ඉතින් ඒ ළමයින්ට දවසක් දේශණයක් තියන්න මහාචාර්යවරයෙක් ආවා…..

වතුර වීදුරුවක් අතින් අරගෙන දේශණ ශාලාවට ඇතුල් වුනු මහාචාර්යවරයා, එය පෙන්වමින් මෙසේ ඇසිය.
“ මේ වීදුරුව කොච්චර බර ඇද්ද ළමයි….”
“ ග්‍රැම් 25ක්, 50ක්, 75ක්……!!” ළමයි කැ ගහල උත්තර දුන්නා……(මතකනෙ අපිට ඒ කලෙ කැ ගහන්න තියෙනම් මොනවද…..)
“ හරි මම මේ වතුර වීදුරුව අල්ලගෙන අත දික්කරගෙන හිටියොත් මොකද වෙන්නෙ…..?”
මහචාර්යවරයා ඇහුව….
මුකුත් වෙන්නෙ නැ…!!!” ළමයි කිවුවා…...
“හරි මම මේක පැය බාගයක් අල්ල උඩ තියන් උස්සං හිටියොත්…??”
“ සර්ගෙ අත රිදෙයි….!” 
“මම මේක මුලු දවසම උස්සං හිටියොත්…???”
  ළමයි එකිනෙක උත්තර දුන්න…
“අත හිරි වැටෙයි…!”
“ අතෙ ලේ ගමනය නැවතිල අංශ බාගෙ හැදෙයි…!”
” ආතතිය වැඩිවෙයි…!
“පිස්සු හැදෙයි….!” 
“ ඉන්පස්සෙ මහාචාර්යවරයා ඇහුව …හොදයි එහෙම වෙන්න , උස්සං ඉදිද්දි මේ වතුර වීදුරුවෙ බර වැඩිවුනාද…???” 
“නැහැනෙ සර්…”
“ එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ…??
” මහචාර්යවරයා ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා…
ළමයින්ට කියන්න උත්තර නැතුව නිශ්ශබ්ද වෙලා ඉන්නවා...
ටිකකින් ඔන්න එකෙක් මෙහෙම කියල කැගැහුවා…
“ ඔන්න ඕක බිමින් තියන්න සර් මොකටද ඔහොම දුක්විදින්නෙ….!!!!!!!!
මහාචාර්යවරයා සිනාහා වෙමින් මෙහෙම කිවුවා……
“ හරියට හරි දරුවා.. අපි යමක් උස්සං ඉන්න තරමට තමයි ඒකෙන් අයහපත් ප්‍රතිපල ඇතිවෙන්නෙ….
උස්සං ඉන්න එපා…බිමින් තියන්න…තියල සැහැල්ලු වෙන්න.
අපෙ හිතේ තියෙන ප්‍රශ්නත් ඒ වගේමයි…
ඒ ප්‍රශ්නෙ අපෙ හිතෙ තියෙන්න තියෙන්න නොයෙකුත් ගැටළු මතුවෙනව…
හිත රිදෙනව..හිරිවැටෙන….අතතිය හැදෙනවා…පිස්සුත් හැදෙන්න පුලුවන්…..
ඒ නිසා ඕනෙම ප්‍රශ්නයක් බිමින් තියන්න ඉගෙන ගන්න..
එතකොට හැම තිස්සෙම අපට අලුත් විදියට හිතල, අලුත් සිතුවිලි එක්ක නැගි සිටින්න පුලුවන් වෙනව…!!
ප්‍රශ්න කියන ඒව මෙ ලෝකෙ ඉපදෙන හැමොටම පොදු දෙයක්… ප්‍රශ්න වලින් පැනල යන්න උත්සහකරනකොට...අපි තව එකක පැටලෙනව. එනිසා පැනල යන්න නොගිහින් ප්‍රශ්න උස්සං ඉන්නෙ නැතුව…බිමින් තියල විසදුම් හොයන්න අනිවාර්යයෙන් විසදුමක් ලැබෙනව….හැම ප්‍රශ්නයකටම විසදුමක් මෙ ලෝකෙ තියෙනව...එකට අපි උත්සහ කරන තරමත තම අපිට ප්‍රතිපල ලැබෙන්නෙ…..එහෙනම් මම ගියා……. ඔයාට සුබ දවසක්….